ඇතුල් පි‍ටු

Sunday 10 January 2010

අලුත් අවුරුද්දේ වෙච්ච දෙයක්

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඒත් අලුත් අවුරුද්ද පහුවෙලා දවස් තුනක් යන්න ඉස්සෙල්ලා අපේ ඉස්කෝලෙ අයියලා දෙන්නෙක් ගුටි කෑවා.ඒ ඇයි කියනව නම්. අපේ හෝල් එකට ඉස්සරහ තියන වෙරළු ගහේ වෙරළු කඩන්න පොලු ගහලා. ඵ් ගහේ අතු නැමිල තියෙන්නෙ අපි අතුගාන බිම් කෑල්ලට.ඉතිං පොලු ගහනකොට කොල ටික වැටෙන්නෙ බිමට.ඵ් හින්ද අපි අයියලට කිවුව "අයියෙ ගහට පොලු ගහන්න එපා බිමට කොල වැටෙනවනෙ අපිනෙ අතුගාන්නෙ." කියල. ඵ් දෙන්න අපිට සද්ද දාල තව හයියෙන් පොලු ගහුවා. අපි ගිහිල්ල සර් කෙනෙකුට කිවුවා.සර් ඇවිල්ල දෙන්නව අල්ලගෙන අලුත් අවුරුද්දේ ගහන්ඩ බැරි හින්දා දෙන්න ලවුව මුලු ඉස්කෝලෙම අතුගෑවුව.

6 comments:

  1. හපොයි හරි පව් වැඩේ තමයි කරලා තියෙන්නේ...!

    ReplyDelete
  2. බලාගෙන පැටියෝ,අර අය්යලා ඉන්නවෙලාවට තනියම එහෙමෙහෙ යන්න එපා.කන්න වෙයි හොඳවයින් දෙකක්.......

    ReplyDelete
  3. ඔව් ඉතින් අතුගාපු මිදුල අයිත් අතුගන්න බැහැෙන් .....

    ReplyDelete
  4. ඔව් ඔව් පැංචෝ බලාගෙන,
    මේ බ්ලොග් එක දැක්කොත් අර දෙන්නා ඊළඟ පොලු පාර ඔයාට දෙයි.


    /බිඟුවා...!

    ReplyDelete
  5. කොල වැටෙන එක ඇත්ත මල්ලි. ඒත් අපි හැම දේම කෘත්‍රිම විදියට "පිළිවෙල" කරන්න ඕන නිසා ගහක හැදෙන ගෙඩියක්වත් නොකා ඉන්නද ඕනේ?

    නිකං ලොකු තැන් වලට කේලම් කියනවට වඩා, ඒ අයට කිවුවනම් මොකද එතන සුද්ද කරල යන්න කියලා? අන්න ඒක නොකළ නම් ඔය ලොකු තැන් වලට "පැමිණිලි" කරන එක හරි.

    ගහක හැදිච්ච ගෙඩියක් කන එක මුළු ඉස්කෝලයක් අතුගාන්න ඕන "වරදක්"ද?

    ඔයත් එක්ක තරහක් නෑ, මොකද වැරැද්ද ඔයාලගෙ නෙවෙයි. ගොඩක් ගුරුහොරු ළමයිව බය කරලා තමන්ට ගොට්ට අල්ලන තත්වෙට තමයි හදාගෙන ඉන්නේ. හැබැයි මීට වඩා ටිකක් කල්පනා කළා නම් හරි.

    ReplyDelete
  6. අනේ අනේ මාර වැඬේ තමා අයියල දෙන්නට වුණේ අලූත් අවුරුද්දෙම...

    කිරි පැංචටත් සුබ අලූත් අවුරුද්දක් උදා වේවා !

    ReplyDelete