මට පූසෙක් විතරක් නෙමෙයි. චූටි හුරතල් නංගි කෙනෙකුත් ඉන්නවා. එයාගේ නම රශ්මි තාරකා. එයා හරිම ඳඟයි. විනාඩි 5ක් එක විදිහට ඉන්න බෑ. ඇවිල්ල ඇනල හරි යනවා. එයා හැමතිස්සෙම කියන කවියක් තියනවා. ඒ තමයි මේ,
අක්කගෙ ගව්මක් අඳලා අක්ක බනීද ?
අයියගෙ පොත් ටික ඇදලා අයිය බනීද ?
වත්තේ මල් ටික කඩලා අම්ම බනීද ?
දැන් තාත්ත එන වෙලාව බේර ගනීද ?
එක දවසක් නංගි අක්කගෙ ගව්මක් ඇඳගෙන කැරකි කැරකි ඉන්නකොට මට ඔය කවිය මතක් වුණා. ඒ පාර තමයි මම ඔය photo එක ගත්තේ.
Monday 20 September 2010
Friday 3 September 2010
කල කල දේ පල පල දේ
ගිය සතියෙ දවසක අපි අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එහෙ අයියට නියමෙට සරුංගල් හදන්න පුළුවන්. එයා සරුංගලයක් හදල ඒක හොඳද බලන්න වෙලට යන කොට දැක්කා වෙන නිල් පාට සරුංගලයක් අහසෙ පාවෙනවා. මෙයා ටග් ගාලා සරුංගලේ බාලා "දුවල යං මල්ලි ගෙදර" කියලා මාවත් ඇද ගෙන ගෙදර ගියා. ඊට පස්සෙ වෙන නුලකින් පොඩි සරුංගලයක් ඇරගෙන අහසට යැව්වා. මම ඇහුවා එයාගෙන් ''මොකක්ද කරන්න හදන්නෙ'' කියලා. එයා කිව්වා නිල් පාට සරුංගලේ කඩන්න කියලා. මං ඇහුවා ''කොහොමද කඩන්නෙ'' කියලා. එයා කිව්වා ''පොඩි නූල අනිත් නූලෙ ගෑවුනහම සරුංගලය කැඩිල යනව''. ඒ සරුංගලේ කඩන්න තමයි දැන් හදන්නෙ කියල කිව්ව. ඊට විනාඩි දෙකක් ගියෙ නෑ. එයාගෙ සරුංගලේ නූල අත ළඟින්ම කැඩිල ගියා. මටයි , අක්කටයි හරිම හිනා. එයාට එවෙලෙ තේරෙන්න අති අනුන්ට වරද්දවන්න ගියොත් තමන්ටමයි වරදින්නෙ කියලා.
Subscribe to:
Posts (Atom)