ඇතුල් පි‍ටු

Thursday 21 January 2010

අපේ ගෙදරට නයෙක් ඇවිත්

 Cobra 3ටික කාලෙකට පස්සෙ අපෙ අක්ක ගෙදර ආවා. ඇවිල්ල දවස් දෙක තුනකට පස්සෙ දවසක් අම්මයි තාත්තයි ගමනක් ගියා. මමයි, අක්කයි, නංගියි විතරක් ගෙදර තියලා. මමයි නංගියි කාමරේ ඉඳගෙන කම්පියුටරේ ‍ෆිල්ම් එකක් බලනවා. අක්ක කෑම කකා ගිහින් දොර ළඟ පු‍ටුවක ඉඳ ගත්තලු. ඉඳගෙන ටිකක් ඉස්සරහ තියන ස්ටූල් එක දිහා බලනකොට අක්ක ගල් ගැහුනලු. ස්ටූල් එක උඩ නයෙක් ඉන්නවා දරනෙ ගහගෙන පෙනේ පුප්පගෙන. අක්ක හෙල්ලෙන්නෙවත් නැතුව අපිට කිව්ව "මල්ලී,නංගී කාමරෙන් එළියට එන්න එපා කියලා."  මම අක්කගෙන් ඇහුවා. "ඇයි එන්න එපා කිව්වේ" කියලා. අක්ක කිව්වා. "නයෙක් නයෙක්" කියලා.

Cobra 1මම නංගිට කාමරේට වෙලා ඉන්න කියලා හෙමින් සැරේ පිටිපස්සෙ දොරෙන් ගිහින් එහා පැත්තෙ ගෙදර මාමව අඬගහගෙන ආව. මම එන කොට අක්කයි නංගියි මේසෙ උඩ නැගලා. මාම කොස්සක් ඇරගෙන ගිහින් ස්ටූල් එකට තට්‍ටුවක් දැම්මා. නයා මාමට පුස් ගාල පිම්බ. මාම පිටිපස්සට පැනල ඇවිල්ල අපිට කිව්ව " මිරිස් පුච්චමු " කියලා. අපිත් හා කියල මිරිස් පිච්චුවා. ඌ ස්ටූල් එකෙන් බැහැල දොර මුල්ලට ගියා.

Cobra 2

ඵ් වැඩෙත් හරි ගියෙ නෑ ඊට පස්සෙ සුදු ලූණු දැම්ම. ඵ්ත් එහෙම්මමයි. ඊට පස්සෙ මම කැමරාව අරගෙන ගිහින් හෙමින් සැරේ ෆොටෝ ගත්තා. තව ටිකක් වෙලා ගියාට පස්සෙ ඌ පෙනේ ඇකිලුවා. අපි ඌ දිහා බලාගෙන ඉන්නව. ඌ අපි දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ තාත්තල ආව. තාත්ත ආවෙම පොල්ලක් අරගෙන. ඇවිල්ල  ගැහුව පොල්ලෙන් නයාගෙ ඔලුවටම එකක්. නයාට එතනම බඩු. මරල පිච්චුවා. ඊට පස්සෙ අපේ තාත්ත කියනව "පවු අහිංසක සතා, අපරාදෙ මැරුවෙ. ඵ්ත් ඉතිං මොනව කරන්නද මගෙ ළමයි තුන් දෙනා නයාට වැඩිය වටිනවනෙ" කියලා.

Cobra 4

Sunday 10 January 2010

අලුත් අවුරුද්දේ වෙච්ච දෙයක්

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඒත් අලුත් අවුරුද්ද පහුවෙලා දවස් තුනක් යන්න ඉස්සෙල්ලා අපේ ඉස්කෝලෙ අයියලා දෙන්නෙක් ගුටි කෑවා.ඒ ඇයි කියනව නම්. අපේ හෝල් එකට ඉස්සරහ තියන වෙරළු ගහේ වෙරළු කඩන්න පොලු ගහලා. ඵ් ගහේ අතු නැමිල තියෙන්නෙ අපි අතුගාන බිම් කෑල්ලට.ඉතිං පොලු ගහනකොට කොල ටික වැටෙන්නෙ බිමට.ඵ් හින්ද අපි අයියලට කිවුව "අයියෙ ගහට පොලු ගහන්න එපා බිමට කොල වැටෙනවනෙ අපිනෙ අතුගාන්නෙ." කියල. ඵ් දෙන්න අපිට සද්ද දාල තව හයියෙන් පොලු ගහුවා. අපි ගිහිල්ල සර් කෙනෙකුට කිවුවා.සර් ඇවිල්ල දෙන්නව අල්ලගෙන අලුත් අවුරුද්දේ ගහන්ඩ බැරි හින්දා දෙන්න ලවුව මුලු ඉස්කෝලෙම අතුගෑවුව.