මට පූසෙක් විතරක් නෙමෙයි. චූටි හුරතල් නංගි කෙනෙකුත් ඉන්නවා. එයාගේ නම රශ්මි තාරකා. එයා හරිම ඳඟයි. විනාඩි 5ක් එක විදිහට ඉන්න බෑ. ඇවිල්ල ඇනල හරි යනවා. එයා හැමතිස්සෙම කියන කවියක් තියනවා. ඒ තමයි මේ,අක්කගෙ ගව්මක් අඳලා අක්ක බනීද ?
අයියගෙ පොත් ටික ඇදලා අයිය බනීද ?
වත්තේ මල් ටික කඩලා අම්ම බනීද ?
දැන් තාත්ත එන වෙලාව බේර ගනීද ?
එක දවසක් නංගි අක්කගෙ ගව්මක් ඇඳගෙන කැරකි කැරකි ඉන්නකොට මට ඔය කවිය මතක් වුණා. ඒ පාර තමයි මම ඔය photo එක ගත්තේ.