ඇතුල් පි‍ටු

Sunday 20 September 2009

කිරි පැංචාගේ පළමු වදන් පෙළ...

තාත්තා බ්ලොග් එකක් කරනවා දැකල මටත් හිතුනා මගේම කියල බ්ලොග් එකක් හදා ගන්න.  තාත්තගෙන් අහගෙන තමයි මේක හදා ගත්තෙ.

මගේ ඉස්කෝලෙට නම රවීන්. මම මේකට කිරි පැංචාගේ ලෝකය කියල නම දැම්මේ අම්මයි තාත්තයි මම පොඩි කාලෙ හුරතලේට කිරි පැංචා කියපු නිසා.  අනික මටම කියලා වෙනම ලෝකයක් තියෙන්න ඕනනේ...  මට දැන් වයස අවුරුදු 13 යි.  මම ඉන්නෙ 7 වසරෙ.  මම හිතාගෙන ඉන්නෙ මගෙ බ්ලොග් එක දිගටම හොඳට කර ගෙන යන්න.  ඔයාල පුලුවන් වෙලාවට මගෙ බ්ලොග් එක කියවන්න එන්න.  ඇවිත් අඩු පාඩු හෙම තියනවා නම් කියා දෙන්න...

11 comments:

  1. නියමයි මල්ලි. දිගටම ලියන්න. මම දැකපු පුංචිම බ්ලොග්කරු!
    සුබ පැතුම්!

    ReplyDelete
  2. @තමීර අයියේ, කමෙන්ට් එකක් දුන්නට බොහොම ස්තුතියි! අයියටත්
    මගෙන් සුභ පැතුම්...!

    ReplyDelete
  3. ෂා නියමයිනේ ඔයාගෙ බ්ලොග් එක. ඔන්න අපිත් එනව කියවන්න,
    කොහෙද ඔයාගේ ස්කෝලේ? සීවලිද?

    ReplyDelete
  4. එල මල්ලී ලියමු... ලියමු...මමත් දැක්ක වයසින් අඩුම කෙනා බ්ලොග් ලියන... :D

    ReplyDelete
  5. නියමයි නියමයි නියමයි! දිගටම ලියන්න.... ජය වේවා!

    ReplyDelete
  6. මල්ලි සුභ බ්ලොග් දිවියකට සුභ පැතුම්....දිගටම ලියන්න... :)

    ReplyDelete
  7. එළ එළ!

    ඔයාගෙ ඉස්කෝලෙ එහෙම මොකක්ද මල්ලි?

    ඔයාගෙ තාත්තා බ්ලොග් එකක් කරනවා කීවා නේද? මොකක්ද ඒ බ්ලොග් එක?

    ReplyDelete
  8. Kiri Panchage lokaya harima sundayi. Digatama liyanna pancho :) ..

    ReplyDelete
  9. @ II mondo di una pover pazza

    සීවලි නෙමේයි. ර/ කරවිට මද්‍ය මහා විද්‍යලය.

    @කනිශ්ක අයියේ

    @සුපුන් සුදාරක අයියේ

    @පන්හිඳ

    @සුපුන් බුධජීව අයියේ

    මගෙ ඉස්කෝලෙ ර/ කරවිට මද්‍ය මහා විද්‍යලය.
    තාත්තගෙ බ්ලොග් එකේ නම තමයි http://sinhavalokana.blogspot.com/

    @මුතු පබා අක්කේ


    ඕගොල්ලො දුන්න සහයෝගෙට බොහොම ස්තූතියි.

    ReplyDelete
  10. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්

    ReplyDelete
  11. ADo Ravinayo Mama NADUN.borukiyanna EPA

    ReplyDelete