Thursday, 24 December 2009
ගස්ලබු කපන්නේ මොකටද ?
මම පුංචිකාලෙ කරපු හොඳ බූරු වැඩ ටිකක් තියනව කියන්න. ඒ බූරු වැඩ වලින් එකක් තමයි මේ.එක දවසක් අම්මා ගස්ලබු කපද්දී මම ඒදිහා බලාගෙන ඉඳල අම්මගෙන් ඇහුවලු ''මොකටද අම්මේ ගස්ලබු කපන්නේ" කියල. ඉතින් අම්ම විහිලුවට වගේ කිව්වලු ගස්ලබු කපන්නෙ වීසිකරන්න කියල. එහෙම කියල අම්ම පිහිය හෝදගෙන එන අතරට මම ගොනා වගේ ගිහින් ඒ ගස්ලබු ටික බැම්මෙන් පල්ලට විසිකරලලු. ඊට පස්සේ අම්ම ඇවිල්ල මගෙන් ඇහුවලු ''කොහෙද පුතේ ගස්ලබු ටික?'' කියල. ඉතිං මම කිව්වලු "ඇයි අම්ම කිව්වෙ ගස්ලබු ටික කැපුවේ විසිකරන්න කියල. ඉතිං මම විසිකරා" කියල කිව්වලු. ඉතිං අම්ම මට ''බූරු කොල්ල'' කියල බැන්නලු. ඔය කතාව ඇත්තද බොරුද කියල දන්නෙ නෑ ඒත් අම්ම මට බොරු කියන්නෙ නෑ කියල මම දන්නවා.
Subscribe to:
Post Comments (Atom)
හික්! මටත් ඔහොම වැඩ වෙලා තියෙනව.
ReplyDeleteහික්! මොකක්ද අයියට උණේ.
ReplyDeleteහොඳ මල්ලියා දිගටම ලියන්න.....මට දහ තුනක් වෙද්දි මම Computer අතින් අල්ලලාවත් නෑ..... අපේ ගෙදර වත් අහල පහල වත් Computer තිබ්බෙත් නෑ....මම අවුරුදු 20ක අක්කෙක්...ඔයාට වඩා අවුරුදු 7 ක් ලොකුයි......මම හැම දෙයම ඉගෙන ගත්තෙ.....අවුරුදු 19 දි.....මට ගෙදර ඉගෙන ගන්න Computer ලැබුනාට පස්සෙ..අපේ ඉස්කෝලෙ වත් අපිට internet ගිහින් බලන්නවත් දීල නෑ........ඒත් ඔයා හරිම වාසනාවන්තයි!!!.....ඔයාට පුළුවන් වෙලාවක.....නීනුගේ නිශාව ට, සහ රෝස වලාකුළට ඇවිත් යන්න... http://nsulakkana.blogspot.com/
ReplyDeletehttp://neranji.blogspot.com/
බූරු කොල්ල! :D
ReplyDeleteසිරා කතාව... :D
ReplyDeleteහෙහෙ.. මාර වැඩ තමා කරල තියෙන්නෙ! :D
ReplyDeleteඔවුවා ඔහොමතමා මලයා... ඔහොම බූරුවැඩක් කරලා බැනුම් අහනඑකෙත් පොඩි ජොලියක් තියෙනවා.
ReplyDeletehi රවීන්,කරපු බූරු වැඩේ නම් මරු....නියම කතාව එල එල
ReplyDeleteBuru wadakma kiyala kiyanna ba ithin ooka :). Ammage wihiluwa, wihiluwak widihata notheeruna nisa karapu deyak ne.. :)
ReplyDeleteමාත් ඔය වගේ ගොන් වැඩ ගොඩාක් කරලා තියෙනවා
ReplyDeleteබිඟුවා...!
මචං චින්තක,
ReplyDeleteපොත = 1 / කත නේඩ???
බිඟුවා...!
@නීනු අක්කේ
ReplyDelete@චමිල අයියේ
@සුපුන් සුදාරක අයියේ
@සුපුන් බුධජීව අයියේ
@ප්‍රභාශ් අයියේ
@සිතිජ අයියේ
@මුතු පබා අක්කේ
@නිශාන්ත අයියේ
ඕගොල්ලො ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මට කමෙන්ට් එකක් දැම්මට ඕගොල්ලො ඔක්කොටම බොහොම ස්තූතියි. මමත් ඕගොල්ලන්ගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල යන්නම්. මට ඉතින් කම්පියුටරය හම්බ වෙන්නෙ තාත්තා වෙන වැඩකට ගිය වෙලාවට විතරයිනේ. අනික දැන් ඉස්කෝලෙත් පටන් ගත්තනෙ. ඉතින් වෙලාව හම්බෙන්නෙත් හරි අඩුවෙන්.