ඇතුල් පි‍ටු

Thursday 21 January 2010

අපේ ගෙදරට නයෙක් ඇවිත්

 Cobra 3ටික කාලෙකට පස්සෙ අපෙ අක්ක ගෙදර ආවා. ඇවිල්ල දවස් දෙක තුනකට පස්සෙ දවසක් අම්මයි තාත්තයි ගමනක් ගියා. මමයි, අක්කයි, නංගියි විතරක් ගෙදර තියලා. මමයි නංගියි කාමරේ ඉඳගෙන කම්පියුටරේ ‍ෆිල්ම් එකක් බලනවා. අක්ක කෑම කකා ගිහින් දොර ළඟ පු‍ටුවක ඉඳ ගත්තලු. ඉඳගෙන ටිකක් ඉස්සරහ තියන ස්ටූල් එක දිහා බලනකොට අක්ක ගල් ගැහුනලු. ස්ටූල් එක උඩ නයෙක් ඉන්නවා දරනෙ ගහගෙන පෙනේ පුප්පගෙන. අක්ක හෙල්ලෙන්නෙවත් නැතුව අපිට කිව්ව "මල්ලී,නංගී කාමරෙන් එළියට එන්න එපා කියලා."  මම අක්කගෙන් ඇහුවා. "ඇයි එන්න එපා කිව්වේ" කියලා. අක්ක කිව්වා. "නයෙක් නයෙක්" කියලා.

Cobra 1මම නංගිට කාමරේට වෙලා ඉන්න කියලා හෙමින් සැරේ පිටිපස්සෙ දොරෙන් ගිහින් එහා පැත්තෙ ගෙදර මාමව අඬගහගෙන ආව. මම එන කොට අක්කයි නංගියි මේසෙ උඩ නැගලා. මාම කොස්සක් ඇරගෙන ගිහින් ස්ටූල් එකට තට්‍ටුවක් දැම්මා. නයා මාමට පුස් ගාල පිම්බ. මාම පිටිපස්සට පැනල ඇවිල්ල අපිට කිව්ව " මිරිස් පුච්චමු " කියලා. අපිත් හා කියල මිරිස් පිච්චුවා. ඌ ස්ටූල් එකෙන් බැහැල දොර මුල්ලට ගියා.

Cobra 2

ඵ් වැඩෙත් හරි ගියෙ නෑ ඊට පස්සෙ සුදු ලූණු දැම්ම. ඵ්ත් එහෙම්මමයි. ඊට පස්සෙ මම කැමරාව අරගෙන ගිහින් හෙමින් සැරේ ෆොටෝ ගත්තා. තව ටිකක් වෙලා ගියාට පස්සෙ ඌ පෙනේ ඇකිලුවා. අපි ඌ දිහා බලාගෙන ඉන්නව. ඌ අපි දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ තාත්තල ආව. තාත්ත ආවෙම පොල්ලක් අරගෙන. ඇවිල්ල  ගැහුව පොල්ලෙන් නයාගෙ ඔලුවටම එකක්. නයාට එතනම බඩු. මරල පිච්චුවා. ඊට පස්සෙ අපේ තාත්ත කියනව "පවු අහිංසක සතා, අපරාදෙ මැරුවෙ. ඵ්ත් ඉතිං මොනව කරන්නද මගෙ ළමයි තුන් දෙනා නයාට වැඩිය වටිනවනෙ" කියලා.

Cobra 4

13 comments:

  1. පත නයෙක් නේ.. ලාම්පු තෙල් පාරක් දීලා බලන්න තිබ්බා.. ඒවට උන් දුවනවා..

    ReplyDelete
  2. කෞශල්‍ය21 January 2010 at 02:53

    අපරාදේ නයාව මැරුවේ. නයෙක් කියන්නේ මට නම් බොහොම ලස්සන සතෙක්. අනිත් එක තමයි නයෙක් කවදාවත් ඌට හොදටම රිදෙන්න කරදර කළොත් මිසක් දශ්ඨ කරන්නේ නෑ. ඌව මරනවා කියන්නේ අපරාධයක්.

    මේක ලංකාවේ මුල් බැහැගෙන තියෙන මිත්‍යාවක්, දුටු තැන සර්පයෙක් මරන්න ඕන කියන එක. මම නම් නයෙක් වුනත් අල්ලන්න පුරුදු වුනා. මම කවදාවත් සර්පයෙක් ආවොත් මරලා නැහැ. අම්මගෙන් හරි වයිෆගෙන් හරි බේරෙන්නම බැරි තැන අල්ලලා කැලේකට ගිහින් දානවා.

    ReplyDelete
  3. සර්පයො මරන්න එපා. උන් රටට සම්පතක්.

    ReplyDelete
  4. අපේ ගෙදරට ආපු නයා නම් ඔහොම හිටිේ‍ර නෑ. ඌ කෙලින්ම අපේ අඟල් 50 පැනසොනික් ප්ලාස්මා ටී.වී. එක දිහාවටම ඇතිල ගියා.

    හොඳ වෙලාවට මං අපේ සෝනි හෝම් සිනමා සිස්ටම් එක එතනින් අයින් කරල තිබුනෙ.

    මං අපේ ලුමික්ස් ඩිජිටල් කැමරා එක ගන්ණ කලින් ඌ ඇදිල ගියා එලියට. නෝ ෆොටෝස්.

    කතන්දරකාරයා

    ReplyDelete
  5. අයියෝ.. පව් වැඩේ... ඔයාට මෙහෙමනේ කරන්න තිබ්බේ.. නයාට වැදගෙන.. අනේ නයි හාමි හොද නයි හාමි වගේ ආපු දිහාට ආයේ යන්න.. අක්කයි නංගියි මමයි විතරයි ගෙදර ඉන්නේ අපිට කරදර කරන්න එපා කියලා.. එහෙම උනා නම් නයා යන්න තිබ්බා.. කොහොම උනත් අල්ලපු ගෙදර මාමා නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ නැති එක නම් හොදයි.. හැබැයි පව් ඉතිං ලොකු නයෙක් නේ.. මොනා කරන්නද? දන්න තරමින් නයි එහෙම මිනිස්සුනට කරදර කරන්නේ නැහැ.. මිරිස් පිච්චුවම ගියේ නැති එක නම් පුදුමයි.

    ReplyDelete
  6. naya maranna epa...
    u harima honnda satek...
    kisi karadarayak nee uuta karadara kale netnam...

    ReplyDelete
  7. @මහේෂ් බණ්ඩාර අයියේ
    ඌ හිටියෙ අපිත් එක්ක පුදුම තරහකින්. ඵ් හින්ද ඌව පැන්නුවනම් ඌ ආයෙත් එනවා.

    @කෞශල්‍ය අයියේ
    අපේ තාත්ත මිත්‍යා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. තාත්ත ඌව මැරුවේ ඒ වෙනකොට හොඳටම හවස් වෙලා ගිහින් දාන්න දිහාවකුත් නෑ.

    @කත්න්දරකාරයා
    අයියේ මේ නයා ස්ටූල් එක උඩට නගින්න ඉස්සෙල්ලා තව ගොඩක් බඩු උඩින් නැගල ආවෙ. ආදායම් බදු කාරයොයි හොරුයි හින්ද ඒ බඩු වල නම් ඉන්ටනෙට් එකේ ප්‍රසිද්ද කරන්න බෑ නේද?.

    @මලී අක්කේ
    ඵ්ක තමයි මිරිස් පුච්චපුවහම ගියානම් දෙගොල්ලන්ටම හොඳයිනේ නේද?.

    ReplyDelete
  8. අයියෝ මල්ලී නයි තියා මොනම සර්පයෙක්වත් මරන්න එපා. සර්පයො ඉන්නවා කියන්නේ මීයො වගේ සත්තු අඩුවෙනවානේ.

    ReplyDelete
  9. @චන්දික අයියේ
    අපි ඵ් ගැන හිතුවෙනෑ මොකද අපේ ගෙදර පූසෙක් ඉන්නවනේ.

    ReplyDelete
  10. කෞශල්‍ය කියන්නෙ ඇත්ත. සර්පයා දුටු තැන මරන්න ඕනෙ කියන්නෙ දහම් ගැටයක් වරදවා වටහා ගත්තු අය. "විසඝෝර සර්පයා - දැක නෑර මෝඩයා" කියන එකේ සර්පයා කියන්නේ පාපයට එහෙම නැත්නම් පාපයට හේතු වෙන දේට. කුඹුරක තිබ්බ දහසින් බැඳි පියල්ලක් දැකල "ආනන්ද සර්පයා දුටුවෙහිද ?" කියල බුදු හාමුදුරුවෝ කියපු එක කාටත් මතක ඇතිනේ.

    ReplyDelete
  11. හොඳට ලියහන් මලයෝ.අද තමයි දැක්කේ ඔයාව.අපි ඉන්නවා කියවන්න.
    මරු කතාව!
    හැබැයි මලයෝ නයි මරන්නෙපෝ.මොකද මමත් නයෙක් නෙව!

    ReplyDelete
  12. ✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
    All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

    ✉ ✉ ✉ ✉ ✉ ✉ ✉

    ReplyDelete
  13. මලයෝ සෙල්ලම් නයෙක් නෙමෙයිනේ මේ දොඹ සයිස් නාගරාජයෙක් නේ. දැක්කහම බය හිතනවා නේ. කාටවත් කරදරයක් වුණේ නැහැනේ. එච්චරයි එහෙනම්. කරදරේ වුණේ නයාටනේ.

    ReplyDelete