Monday, 18 October 2010
රස පලතුරක්
එක දවසක් අපි කට්ටියම එක්ක වරකපොල පැත්තෙ ඉන්න අපෙ තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. එහෙ මිදුලෙ තියනව කහපාටින් ගෙඩි පිරිච්ච ගහක්. ඉතින් මම අපෙ අම්මගෙන් ඇහුව "මොනවද අම්මෙ අර ගෙඩි ජාතිය" කියලා. එතකොට අම්ම කිව්ව "ඒ පලතුරක් පුදුම රසක් තියෙන්නෙ කාල බලන්නකො" කියල. ඒ ගහ ටිකක් උසයි. ඒක නිසා කඩන්න කෙක්කක් ඕනි. දිග කෙක්කක් හොයා ගන්න තිබුනෙ නෑ. ඉතින් පොඩි පොඩි ලී කෑලි ගොඩක් ඇරගෙන ලනු වලින් ඔතල බොහොම අමාරුවෙන් කෙක්කක් හදා ගත්තා. ගහේ පාතම තියන ගෙඩිය කඩා ගන්නවත් ඒක උස නෑ. ඉතිං අක්ක මාව වඩාගෙන "දැන් කඩන්න" කියල කිව්වා. ඊට පස්සෙ කඩා ගන්න පුලුවන් වුණා. බොහොම අමාරුවෙන් එක ගෙඩියක් කඩාගෙන හෝදල දෙකට කපල දෙන්නම ලොකු කෑල්ලක් කෑව කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි. ඊට පස්සෙ මමයි , අක්කයි ගිහින් අම්මට කිව්ව "මොන රසක්ද අම්මෙ තිත්තම තිත්තයිනෙ" කියල. ඒ පාර එහෙ නැන්දටයි , අපෙ අම්මටයි හරිම හිනා. ඊට පස්සෙ හිනා වෙවීම කියනවා. " ඒ පලතුරක් නෙමෙයි. ඒ බෙහෙත් වලට ගන්න ගෙඩි ජාතියක් ලස්සනට පේන්න තිබුනට කටේ තියන්නවත් බෑ. මම විහිහුවට කිව්වෙ ඔය දෙන්නව රවට්ටන්න. ඒ ගෙඩි වල නම සාදික්ක" කියල කිව්ව. ඒකාලෙ මමවත් , අක්කවත් සාදික්ක කියන නම අහලවත් සාදික්ක ගෙඩි දැකලවත් තිබුනෙ නෑ.
Subscribe to:
Post Comments (Atom)
මාත් ඉතින් සාදික්කා කියලා දෙයක් ගැන අහලා තිබුණාට. කනවා තියා දැකලාවත් නැහැ..............
ReplyDeleteමාත් ඉතිං අහලා විතරයි පැංචෝ කන්න තියා දැකලාවත් නෑ
ReplyDeleteසාදික්ක කියන්නෙ කහ පාට ගෙඩියක්. ඒව හැදෙන්නෙ කෑගල්ල පැත්තෙ. ආයෙත් මං එහෙ ගිය වෙලාවක ෆොටෝ එකක් දාන්නම්.
ReplyDeleteමල්ලියා හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ඇවිත් නෑ වගේ..දැකුළු මල් හැම තැනම..
ReplyDeleteආස හිතෙනවා තවත් පාසල් ළමයින්ගේ බ්ලොග් දැක්කම.වැරදිලාවත් ඔයා බ්ලොග් එකට ආවොත් මකුළු දැල් එහෙම කඩලා ඉඩක් තිබුණොත් මගෙ බ්ලොග් එක දිහාවටත් එන්න.
වර්ෂා නංගී කියද්දි තමා මටත් මතක් වුනේ. කිරි පැංචාට වැඩද ? සිස්සත්තේවත් තිබුණද ???
ReplyDelete