ඇතුල් පි‍ටු

Monday 21 December 2009

සැන්දෑවේ අසිරිය

අපේ ඉස්කෝලෙ කවි නිර්මාණ තරඟයක් තිබුනා.  මටත් හිතුන නිකමට වගේ ඒකට කවියක් ඉදිරිපත් කරන්න.  මම ලියපු කවි නිර්මාණයට සහතිකයකුයි තෑගියි හම්බ වුණා. 

හිරු කුමරා කඳු අතරින් හෙමින්                    බහිනවා
කුඹුරෙ ඉන්න කොක්කු රෑන්                  ඉගිලී යනවා
ඈතින් එන මද සුලඟින් ගත                  සැනසෙනවා
රාස්සිගේ අව්ව වැටී ගම                          දිලිසෙනවා

බකමූනන්ගේ නාදය කණට                      ඇහෙනවා
සෙල්ලම් කළ පුංචි ළමයි ගෙදරට                   යනවා
මුහුදු යන්න ධීවරයින් වෙරළට                        එනවා
අපේ ගමේ හැම ගෙදරම එළි දිස්                  වෙනවා

5 comments:

  1. කිරි පැංචා කාලෙකට පස්සෙ!
    ලස්සන කවිය! දැන් නිවාඩු කාලෙ නිසා දිගටම බ්ලොග් එකේ ලියමු.

    ReplyDelete
  2. තාත්ත හැමතිස්සෙම කම්පියුටරේ වැඩ හින්ද මට වෙලව හම්බෙන්නෙ අඩුවෙන් ඉතින් මම ඉස්සරහට කොහොමහරි වෙලාව හදගෙන මේක කරන්න ඕනි.අනික පහුගිය දවස්වල අපේ ගෙදර කට්ටියටම සූකර උණ හදුන. මට විතරයි හදුනෙ නැත්තේ ඒක හින්ද මට තමයි කට්ටියටම සාත්තු කරන්න වුනේ.

    ReplyDelete
  3. මං තුනේ පන්තියෙදි ලියපු කවිය මතක් වුනා. තෑන්ක්ස් පුතා!

    කකා

    ReplyDelete
  4. Pancho me kaviya harima apooruyi ! :).. Kiyaa ganna bari tharam sathutak athi wenawa, panchage wachana kiyawaddi :). Digatama liyanna malli :) .

    ReplyDelete
  5. නියමයි.. නියමම නියමයි... අනේ මලේ මේ අන්තර්ජාල වනන්තරේ අතරම වෙන්න නම් එපා.. සුබම සුබ අනාගතයක්..

    ReplyDelete