Friday, 13 August 2010
බාලදක්ෂ සවාරිය
මට ඔයාලට කියන්න බැරි වුනානේ. මම බාලදක්ෂයෙක්නේ. සෑම අවුරුද්දකම ලෝකෙ පුරා සිටින සෑම බාලදක්ෂයෙක්ටම තියනවා වැඩ සතියක්. ඒ සතිය පුරාම තියෙන්නෙ තැන් තැන් වල ඇවිදලා ගෙවල්වලට ගිහිල්ල වැඩ කරන්න. එහෙම කරහම එගොල්ලො අපට ආධාරයකුත් කරනව. අපේ ඉස්කෝලෙත් කණ්ඩායම් 5 ක් හිටියා. අපේ කණ්ඩායමට යන්න තිබුණේ කලවානට. ඒස්කෝලෙ ඉඳල 22 km විතර දුරක් තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි බස් එකේ කලවානට ගියා. ඊට පස්සෙ එහෙ ඉදල පයින් එන්න පටන් ගත්තා. තියන හැම අතුරු පාරකම ඇවිදල කට්ටියටම මහන්සියි , බඩගිනියි. ඔන්න පාර අයිනෙ තියන මඩුවකට වෙලා කෑම කන්න පටන් ගත්ත. බලන කොට බත් මුල් 3 යි තියෙන්නෙ ළමයි 7 දෙනෙක් ඉන්නවා. මදිනෙ. ඉතින් බාගෙට කාල ආයෙත් යන්න පටන් ගත්තා. ඔහොම යනකොට මම තව දෙන්නෙක් එක්ක ගෙදරකට ගියා. ඒ ගේ ඉස්සරහ හිටිය හිටියා බල්ලෙක්. අපි ගනන්ගන්නේ නතුව ගියා. මෙන්න ගේ ඇතුලෙ ඉදන් තව බල්ලො දෙන්නෙක් බුරාගෙන ඇවිල්ල බල්ලො තුන්දෙනාම මගෙ ඇඟට පැන්නනේ එකෙක්මගෙ කකුල කෑව මම කෑගහල බල්ලට පයින් ගහල පිටිපස්සට ආව ඊට පස්සෙ බල්ලොගෙට ගියා. ඒ ගෙදර ගෑනුකෙනා ඇවිල්ල බල්ලව හුරතල් කරනවා මිසක් අපි ගැන ඇහුවෙවත් නෑ. වේදනාව තිබුනට ලොකු තුවාලයක් නොතිබුණ නිසා ආයෙත් ගමන පටන්ගත්තා. අමාරුවෙන් හරි ඉතුරු ටිකත් පයින් ගිහින් ගෙදර ආවා. එනකොට හොඳටම රෑවෙලා. අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා.
Subscribe to:
Post Comments (Atom)
මල්ලී බාලදක්ෂයෙක්ද ? හරිම සතුටුයි ඒක ගැන දැනගන්න ලැබුණු එක ගැන. කොහොම වෙතත් බාලදක්ෂ ආදර්ශ පාඨය සූදානම්ව සිටිනු කියන එකනේ. ඒක නිසා හැම දේටම සූදානම් වෙලා ඉන්න ඕනේ :)
ReplyDeleteඇත්ත.. බාලදක්ෂයෝ හැමදේටම සුදානම් වෙලා ඉන්න ඕනෑ.. :)
ReplyDeleteස්තූතියි. මම බාලදක්ෂයෙක් වශයෙන් හැමතිස්සෙම සූදානමින් ඉන්න බලනවා.
ReplyDeleteඊට පස්සේ...
ReplyDeletelike to share it on https://www.facebook.com/groups/ScoutingBloggers/
Delete